ලලිත් - කූගන් ගැන පැය 3ක් ප්‍රශ්න කරයි

Tuesday, 10 November 2015 - 20:19

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%96%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බලහත්කාරයෙන් අතුරුදන් කරවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව,  අතුරුදන්වූ ලලිත් - කූගන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහි නියෝජිතයින් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණියේ මෙරට සිදුව ඇති අතුරුදන්වීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහායි. ඒ අනුව අද පස්වරු දෙකට පමණ කොළඹ ජගත් සංවිධාන කාර්යාලයට කැඳවා තිබූ අතුරුදන්වූ ලලිත් කුමාර් වීරරාජ්ගේ පියාගෙන් ඔවුන් පැය 3 කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාගත්තා.

පසුගිය යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳව සෙවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටියදී ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගනන්දන් අතුරුදන්වුණා. ඒ, 2011 වසරේ දෙසැම්බර් මස 9 වන දිනයි. ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගනන්දන් කළක් ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කළ අතර, අතුරුදන්වන විට ඔවුන් ක්‍රියාකාරීව කටයුතු කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමඟයි.

ලලිත් කුමාර් අවිස්සාවේල්ල - සිරි නිවාස වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු යාපනයට ගොස් අතුරුදන් වූවන් පිළිබඳව සෙවීමේ කටයුතුවල නිරත වී තිබුණා. ඊට ඔහුට සහය දැක්වූයේ යාපනයේ පදිංචි කූගන් මුරුගනන්දන්.

කෙසේ වෙතත් ඔවුන් අතුරුදන්වී වසර හතරක් ගතවීමට ආසන්න වූ පසු ලලිත් කුමාර් වීරරාජ් ගැන සෙවීම සඳහා හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පසුගියදා ඔහුගේ නිවසට  ගොස් තිබුණා.
   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories