විග්නේෂ්වරන් හෙට ජනපති හමුවෙයි

Wednesday, 11 November 2015 - 8:13

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ හෙට (12) සාකච්ඡාවක් පවත්වන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. පසුගියදා යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්කර සිටින සැකකරුවන්ගෙන් ඇප මත නිදහස් කළ හැකි සැකකරුවන් මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට රජය උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුලූ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡාකර, මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.බී. රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ සැකකරුවන් 116 කට නඩු පවරා ඇති අතර, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති සංඛ්‍යාව 52 ක්. ඉන් සැකකරුවන් 10 දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුවන්ගෙන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අද දිනයේ අදාළ රජයේ නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.  

කෙසේ වෙතත් දෙමළ රැඳවියන්ගෙන් පිරිසක් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇප හිමිවනු ඇති බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories