පෙම්වතියට වෙඩි තබා නාවික පෙම්වතා ද සිය දිවි හානි කර ගනී

Wednesday, 11 November 2015 - 8:58

%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාතර - වැවහමන්දූව ප්‍රදේශයේදී නාවික  හමුදා පෙම්වතා - සිය පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (10) රාත්‍රියේ මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැවහමන්දූව ප්‍රදේශයේම පදිංචිව සිටි  වයස අවුරුදු 26ක තරුණියක බවයි. සිය දිවි හානි කරගෙන ඇත්තේ තංගල්ල - නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ කෝට්ටේගොඩ පදිංචිව සිටි  වයස අවුරුදු 26ක සෙබලෙක්.

 මිය ගිය සෙබලා සිය රාජකාරී ගිනි අවියෙන් අදාළ අපරාධ සිදුකර ඇති අතර, එය ප්‍රේම සබඳතාවක් මත සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සඳහා යොදා ගත් ටී - 56 ගිනි අවිය සහ උණ්ඩ 43ක් සහිත මැගසීනය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories