ආදරයෙන් වෙළුණු තරුණයන් අතරට තරුණියක් පැමිණීමෙන් අයෙක් මරුට

Wednesday, 11 November 2015 - 11:49

%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
තම මිතුරා පිහියකින් ඇන, ඝාතනය කර තමා ද වස පානය කළ තරුණයෙකු පිළිබද පුවතක් හබරණ - ප්‍රදේශයෙන් අද වාර්තා විය.

වස පානය කළ තරුණයා මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. මිය ගිය තරුණයාගේ වයස අවුරුදු 22 ක් වන අතර, වස පානය කළ තරුණයාගේ වයස අවුරුදු 24කි.
ඊයේ පස්වරුවේ මෙම තරුණයන් දෙදෙනා හබරණ - 5 කණුව ප්‍රදේශයේ ගල් තලාවකදී මත්පැන් පානය කර ඇති අතර පසුව වස පානය කළ තරුණයා පිහියකින් ඇන, තම මිතුරා ඝාතනය කර තිබේ.

වස පානය කර තමන් ගල්තලාව අසළ සිටින බව ඔහු නිවසට දැනුම් දී ඇත්තේ ඉන් පසුවයි.
පොලීසිය එම ස්ථානයට යන විටත් පිහි ඇනුමට ලක්වූ තරුණයා මිය ගොස් සිටි බව සදහන්ය.

මිය ගිය තරුණයා සංචාරක හෝටලක සේවය කර ඇති අතර, ඝාතනය සිදුකළ තරුණයා සම්බාහන මධ්‍යස්ථානය සේවය කරයි.

ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් පැවති බවට අනාවරණය වී තිබේ. මිය ගිය තරුණයා තරුණියක හා සබදතාවක් ආරම්භ කර ඇති බවට අනෙක් තරුණයාට ප්‍රකාශ කර ඇති අතර එහිදි උරණවූ අනෙක් තරුණයා පිහියෙන් ඇන ඇති බවට ප්‍රකාශවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories