"කටාන කුඩුකරන්ට ගෙනා තුවක්කුව දාල ගියා " - ගම්මුන් කියයි

Wednesday, 11 November 2015 - 13:08

%22%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F++%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%22+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මීගමුව - කටාන, කදිරාන ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ,  ප්‍රදේශයේ සිදු කෙරුණු පිලිසකර කිරීමේ කටයුත්තක් අතරතුර දේශපාලන විරුද්ධවාදීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්.  

කටාන කදිරාන දේවාලය ආසන්න ප්‍රදේශයේ ඇළවේලි පිළිසකර කිරීමේ වැඩ පිළිවෙළක්  දියත් කර තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුව කාර්යාලයෙන් ලබා දී තිබූ බව කියන බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින්.
 
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කටාන ආසන සංවිධායිකා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ අනුදැනුම යටතේයි.

ප්‍ර දේශවාසීන් චෝදනා කළේ ඒ අතරතුර එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ කටාන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි රෝස් ප්‍රනාන්දු  ඇතුළු පිරිසක් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් එම කටයුත්ත කඩා කප්පල් කළ බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories