හෙට සහ අනිද්දා දෙවුන්දරට ආසන්න මුහුදු කලාපය ගුවන් මුක්ත සහ ධීවර කටයුතුවලින් බැහැර කලාපයක් ලෙස නම් කර තිබෙනවා.
ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අභ්‍යාවකාශ යානාවක කොටසක් සිකුරාදා දකුණු මුහුදු තීරයට කඩා වැටෙන බවට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කර ඇති දැනුම් දීම ඊට හේතුව බවයි. එසේම එදින මෙම ප්‍රදේශයේ ගුවන් ගමන් කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙස ගුවන් සේවා සමාගම් වෙත දැනුම් දී ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.
අනිද්දා පෙරවරු 11.50ට පමණ මෙම අභ්‍යාවකාශ යානාවක කොටස දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර් 65ක් ඈත මුහුදට වැටෙනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.
මේ පිළිබඳව දැනටමත් රේඩියෝ සංඥා මාර්ගයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු කියා සිටියේ.

Follow US
Most Viewed Stories