HNDA සිසුන්ගෙන් ආණ්ඩු දෙකේ වෙනස ගැන අසයි

Wednesday, 11 November 2015 - 13:08

HNDA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92
එච්.එන්.ඩී.ඒ. සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා අගමැතිවරයා පත් කළ පරීක්ෂණ කමිටුවේ නිලධාරීන්, සිසුන්ගෙන් පසුගිය ආණ්ඩුවේ සහ පවතින ආණ්ඩුවේ වෙනස විමසූ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මේ බව සදහන් කළා.

උපාධි සමානාත්මතාවය ඉල්ලමින් එච්.එන්.ඩී.ඒ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පසුගිය මස 29 වනදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වු අතර එහිදී පොලීසිය ඔවුන්ට කඳුළු ගෑස්, ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා.  

කෙසේ වුවත් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම ඩිප්ලෝමාවට උපාධි සමානාත්මතාවය ලබාදීමට තීරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories