කවුද මේ සොරොස් ?

Wednesday, 11 November 2015 - 13:43

%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%3F
පෙර පැවැති ආණ්ඩුව කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ආයෝජන සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වීමට උත්සාහ කළ බවත්, වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජෝර්ජ් සොරොස් කැදවීමට සූදානම් වන බවත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ හෙළි කළා. ඒ, කොළඹ කොටුව ලෝක වෙළඳපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ජෝර්ජ් සොරොස් නමැති මෙම ව්‍යාපාරික බලවතා පිළිබඳ අප කරුණු සොයා බැලූවේ ඒ අනුවයි. මේ වන විට 85 හැවිරිදි වියේ පසුවන ඔහු හංගේරියාවේ උපත ලැබූ ඇමරිකානු ජාතිකයෙක්. ඔහු ලෝක ජනමාධ්‍යවල ප්‍රවෘත්ති මවන්නෙකු බවට පත්වන්නේ 1992 වසරේදියි. එම වසරේ සැප්තැම්බර් 16 වන කළු බදාදා සොරොස් එංගලන්ත බැංකුව සතු ඇමරිකානු ඩොලර් බිලියන 10ක් වටිනා පවුම් කොටස් වෙළදපළ හරහා අඩු මිලට මිලදී ගත්තා. එහිදී ඔහු දිනක් තුළ ඩොලර් බිලියනයක ලාභයක් උපයද්දී, මුළු එංගලන්ත ආර්ථිකයම කඩා වැටෙනවා.

කළු බදාදා ලෙස හැදින්වුණු එදින සිට එංගලන්ත බැංකුව බංකොලොත් කළ පුද්ගලයා ලෙස විරුදාවලිය ලත් ජෝර්ජ් සොරොස් ලොව රටවල් කිහිපයක ආර්ථික කඩා වැටීම් පිටුපස සිටින බවට චෝදනා ලැබූවෙක්. ලොව ධනවත්ම පුද්ගලයන් 30 දෙනා අතර සිටින ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 24ක වත්කමකට උරුමකම් කියනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද හිමි ජෝර්ජ් සොරොස් ලොව ප්‍රචලිත ග්‍රන්ථ රැසක ද කතුවරයෙක්. මාධ්‍ය තුළ අද ඔහු හදුන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කරන්නෙකු සහ සමාජ සේවා කටයුතුවලට මුදල් වැය කරන්නෙකු ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories