නිල ඇඳුම් වෙනුවට පාසල් සිසුන්ට වවුචර් පතක් - ගුරුවරුන්ට ජංගම දුරකථන තහනම්

Thursday, 12 November 2015 - 8:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ලබන වසරේ සිට පාසල් ළමයින් සඳහා ලබාදෙන නිල ඇඳුම් කට්ටලය වෙනුවට මුදල් වවුචරයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සඳහා ලබාදෙන මුදල් වවුචරයේ වටිනාකම ඉදිරියේදී තීරණය කරන බවයි.

මේ අතර ඌව පළාතේ ගුරුවරුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කිරීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක තීරණය කර තිබෙනවා. ලබන ජනවාරියේ සිට ඊට අදාළ චක්‍රලේඛය පාසල් වෙත නිකුත් කරන ලෙස අදාළ බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories