නැවත පදිංචිදකිරීම් කඩිනම් කරන්න. ජනපතිගෙන් උපදෙස්

Thursday, 12 November 2015 - 8:05

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
යුද්ධයෙන් අවතැන් වූ උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රායෝගික ගැටළුවලට ප්‍රමුඛත්වය දෙමින් විසඳුම්, යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. ඒ, උතුර, නැගෙනහිර පළාත්වල නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

ඒ ඒ පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් නැවත පදිංචි කිරීමේ කමිටු රැස්වී මතුව ඇති ගැටළු පිළිබඳව සොයාබලන ලෙසත් එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ වාර්තා මත පමණක් පදනම් නොවී පළාත් මට්ටමින් නැවත පදිංචි කිරීම පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories