පෞද්ගලික අංශයේ වැටුප් රුපියල් 2500 කින් වැඩිවීමේ යෝජනාව නීතිපතිට

Thursday, 12 November 2015 - 8:10

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A++%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+2500+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික වේතනය රුපියල් 2500 කින් ඉහළ නැංවීමට අදාළ කෙටුම්පත් සකස් කර නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න පවසනවා. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රුපියල් දස දහසක් කිරීමට වන යෝජනාවද අවධානයට ලක්ව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම, රාජ්‍ය ආයතනවල දැනට සේවය කරන මෑන්පවර් සේවකයින් සියලූම දෙනා ස්ථිර කිරීමටත්, ඉදිරියේදී මෑන් පවර් ක්‍රමයට සේවකයින් බඳවා නොගැනීමටත් අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී තවදුරටත් කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවට එක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානයත් සමඟ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories