ඇවන්ගාඩ් නෞකාවේ තිබූ ගිනි අවි 43 ක අංක වෙනස් කරලා

Thursday, 12 November 2015 - 12:42

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+43+%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
ගාලූ වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාවේ තිබෙන ආයුධවලින් 43 ක අංක වෙනස් කර ඇති බව නාවික හමුදාපතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත  සේනාරත්න පවසනවා.

කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍යවරයා කියා සිටියේ  මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඒ සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්, නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, රක්නා ලංකා සමාගමේ නියෝජිතයින් සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද එක්ව සිටියා.  

කෙසේ වෙතත් ඇවන්ගාඞ් සමාගම සමඟ පැවති ගිවිසුම අහෝසි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සාකච්ඡාවේදී තීරණය කළා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ඇවන්ගාඞ් සිද්ධිය පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවේදී අදාළ ගිවිසුම අහෝසි කළ යුතු බවට  නීතිපතිවරයාද ප්‍රකාශ කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories