ඇවන්ගාඩ් ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණයේ ගැටළු තියෙනවලූ

Thursday, 12 November 2015 - 13:39

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%96
ඇවන්ගාඩ් සමාගම සහ රජය අතර පවතින ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණයේ නීතිමය ගැටළු පවතින බව හිටපු අමාත්‍ය පාර්මේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මෙම තීරණය පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු ලෙසයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

ඇවන්ගාඩ් සමාගම සහ රජය අතර, පවතින ගිවිසුම අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රධාන දේශපාලන පක්ෂවලින්ද විමසීමක් කළා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය, පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත පැවරූ බවයි.

ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව  ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූයේ එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ  ආණ්ඩුව ගනු ලැබූ  මෙම පියවර ඉතා යහපත් එකක් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories