විග්නේෂ්වරන් ජනපති හමුවෙයි

Thursday, 12 November 2015 - 19:49

%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දැනට බන්ධනාගාර ගතව සිටින සියලූම එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට පොදු සමාව ලබාදී නිදහස් කරන ලෙස උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද (12) පෙරවරුවේ ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේදී උතුරු පළාත් මහඇමතිවරයා මෙම ඉල්ලීම සිදුකළ බවයි එම පළාත් සභාවේ ධීවර අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් ද එක්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය පී. ඩෙනීෂ්වරන්. ‘‘අද උදෑසන මමත් පළාත් සභාවේ අනෙක් අමාත්‍යවරුන් තුන්දෙනාත් මහඇමතිතුමා සමඟ ජනාධිපතිතුමා මුණ ගැසුණා. උතුරු පළාතේ සංවර්ධන කටයුතු වගේම එල්.ටී.ටී.ඊ සැකකරුවන්ගේ ප්‍රශ්නය පිළිබඳවත් අපි මෙහිදී ජනාධිපතිතුමා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී අපේ මහඇමතිතුමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ දැනට බන්ධනාගාර ගත කර සිටින සියලූම එල්.ටී.ටී.ඊ සැකකරුවන්ට පොදු සමාවක් දීලා නිදහස් කරන්න කියලා. නමුත්, ජනාධිපතිතුමා කිව්වේ එම කටයුතු පියවරෙන් පියවර සිදුකිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා කියලා. එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කිරීමේදී දකුණේ දේශපාලන තත්ත්වය පිළිබඳවත් අවධානය යොමුකළ යුතු බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළා. මේ සාකච්ඡාව බොහෝම විවෘතව පැවති එකක්. ඒ වගේම පැය දෙකකට ආසන්න කාලයක් අපි මේ ගැටලූව පිළිබඳව සාකච්ඡා කළා.’’

මෙම සාකච්ඡාවෙන් අනතුරුව උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් මැගසින් බන්ධනාගාරයට ගොස් දැනට උපවාසයේ නිරත එල්.ටී.ටී.ඊ සැකකරුවන් මුණ ගැසී තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵල ඔවුන්ට දැනුම්දුන් බවයි උතුරු පළාත් සභාවේ ධීවර අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories