පාසල් නිල ඇඳුම් වවුචර්පතට ගුරු සංගම්වල විරෝධය

Thursday, 12 November 2015 - 19:35

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවට වවුචර් පතක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට ගුරු සංගම් විරෝධය පළ කරනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ පාසල් දරුවන්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් පතක් ලබාදීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවයි.

මේ අතර, මෙලෙස ලබාදෙන වවුචර් පත් දෙමව්පියන් විසින් නිල ඇඳුම් ලබාගැනීමට නොයොදවා අවභාවිත කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සේවා සංගමය පවසනවා. එහි සභාපති වසන්තා හඳපාන්ගොඩ සඳහන් කළේ මෙය නිදහස් අධ්‍යාපනයට එල්ල වන තර්ජනයක් බවයි.

මේ අතර, ලබන වසරේ සිට පාසල් සිසුන්ට නිල ඇඳුම් වෙනුවට වවුචර් පත් ලබාදීම සඳහා මේ වනවිට ක්‍රමවේදයක් සකස් කිරීමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ 1993 වසරේ සිට අඛන්ඩව නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදුන් බවයි. නමුත් නිල ඇඳුම් සඳහා සපයන රෙදිවල ගුණාත්මකභාවය පහළ යාම නිසා ඇතැම් පාසල් සිසුන් එම රෙදි භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ඊට අමතරව අවශ්‍ය රෙදි ලබාදීමේදී විශාල පිරිවැයක් දැරීමටද අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුව ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීම වෙනුවට මුදල් වවුචර් පත් ලබාදීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා කමිටුවක්ද පත්කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories