ඇවන්ගාඩ් ගැන තීන්දු ගන්නේ අධිකරණයයි, ඇමති නොවේ - රාජිත

Thursday, 12 November 2015 - 19:54

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ලබාදෙන තීන්දුව පිළිබඳව අධිකරණයට හැර අධිකරණ ඇමතිවරයාට තීරණය කළ නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මේ අතර, පසුගියදා පාර්ලිමේන්තුවේදී අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ ඇවන්ගාඞ් සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තමන් විරෝධය පළ කරන බවයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගේ මතය කුමක්දැයි මාධ්‍යවේදියෙකු අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ තමන් නිල වශයෙන් භාර නොගන්නා බවයි. ඇවන්ගාඞ් සිද්ධිය පිළිබඳව තීන්දු ගැනීමේ හැකියාව ඇත්තේ අධිකරණයට මිසක්, අධිකරණ ඇමතිවරයාට නොවන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගෙන් විමසීමක් කළා. ඊට පිළිතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ ගොඩ පෙරකදෝරුවන්ගේ වැඩපිළිවෙලට අනුව ආණ්ඩුව කටයුතු නොකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories