පොලිස් විශ්වවිද්‍යාලයක් පිහිටුවන්න අගමැතිගෙන් උපදෙස්

Friday, 13 November 2015 - 8:16

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
පොලිස් සේවාවේ නිරත වන්නන්ට සහ පොලිස් අපරාධ විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ඒ පිළිබඳ හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයක් ඇරඹීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව පොලිස් අපරාධ යුක්ති විශ්වවිද්‍යාලයක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්. පොලිස් අපරාධ විද්‍යාව පිළිබඳව උපාධි මට්ටමේ පාඨමාලාවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් අපරාධ යුක්ති විශ්වවිද්‍යාලය ආකාරයෙන් සියලූ පහසුකම් සහිතව ස්ථාපිත කිරීමටයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරින්ට මෙන්ම මෙහි විෂයමාලා පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ට පොලිස් අපරාධ යුක්ති විශ්වවිද්‍යාලයට ඇතුළත් විය හැකියි. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඒ සඳහා බාහිර ශිෂ්‍යයන් ද ඇතුළත් කර ගැනීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories