ලෙබනනයේ - අයි.එස්. ප්‍රහාරයකින් 37 ක් මරුට

Friday, 13 November 2015 - 8:51

%E0%B6%BD%E0%B7%99%E0%B6%B6%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+37+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ලෙබනනයේ - බීරුට් අගනුවර ජනාකීර්ණ ප්‍රදේශයකට ඊයේ (12) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී තවත් 181 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ බීරුට් නුවර ෂියා මුස්ලිම් හිස්බුල්ලා ව්‍යාපාරය ක්‍රියාත්මක වන ප්‍රදේශයකටයි. ලෙබනන වේලාවෙන් ඊයේ පස්වරු 6 ට පමණ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සුන්නි ජිහාඞ්වාදී අයි.එස් සංවිධානය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම භාර ගත්තා. ලෙබනන සිවිල් යුද්ධය මීට වසර 25 කට පෙර අවසන් වීමෙන් පසු එහි වාර්තා වන දරුණුතම ප්‍රහාරය ද මෙයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories