සොරකම් කළ ටින් මාළු 30,000 ක් දැලේ

Friday, 13 November 2015 - 10:19

%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94+30%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ කඩකාමරයක් තුළ සඟවා තිබූ රුපියල් 47 ලක්ෂයක් පමණක් වටිනා ටින් මාළු බඳුන් 30,000 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම ටින් මාළු මීගමුව - කිඹුලාපිටිය ප්‍රදේශයේ ගබඩාවකින් සොරකම් කළ ඒවා බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් රද්දොළුගම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories