පාතාලේ 'බ්ලූමැන්ඩල් පැතුම්' බඩු එක්ක කොටු

Saturday, 14 November 2015 - 10:58

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A+%27%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%27+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94
කොළඹ දිසා දූෂණ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොටහේන - බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී කිරිඇල්ලගේ මෙලාන් අජන්ත පැතුම් හෙවත් බ්ලූමැන්ඩල් පැතුම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගත් ඔහු භාරයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, එම උණ්ඩ 15ක් සහ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 240ක් ද සොයාගෙන ඇති බවයි.
 
පසුගිය මැතිවරණ සමයේ කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක දී බ්ලූමැන්ඩල් පැතුම් ඊට මැදිවූ අයෙකු බවද  සඳහන්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories