ඇවන්ට්ගාඩ් අවි 'දක්ෂිණ' කඳවුරට ගත්තා කියල බාධාවක් නැහැ

Saturday, 14 November 2015 - 13:17

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A++%E0%B6%85%E0%B7%80%E0%B7%92+%27%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB%27++%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F++%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BD++%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ගාලූ වරායේ නැංගුරම්ලා ඇති ඇවන්ට්ගාඩ් සමාගමට අයත් මහනුවර නෞකාවේ අවි දක්ෂිණ නාවික හමුදා කදවුරේ ගබඩා කර තිබෙනවා. එසේම අනෙක් නෞකාවේ අවි ද එහි ගබඩා කරන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මෙම අවි වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කර ගබඩා කිරීම සිදුවනවා.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය මගින් ඇවන්ට්ගාඩ්  සමාගම හරහා සිදුකෙරුණු සමුද්‍ර ආරක්ෂණ ක්‍රියාවලියට බාධාවක් ඇති නොවන බව නාවික හමුදා ප්‍රකාශකවරයා කියා සිටියා. නාවික හමුදාව අදාළ මෙහෙයුම් භාර ගැනීම පිළිබදව ඊට සම්බන්ධ සමාගම් තම සේවා සම්බන්ධයෙන් සැක මතු කර ගත යුතු නැතැයි ඔහු අවධාරණය කළා.

 ගාලූ වරායේ නැංගුරම් ලා තිබෙන ඇවන්ට්ගාඩ් සමාගමට අයත් නෞකා දෙක සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී තීරණය වුණේ ඇවන්ට්ගාඩ්  සමාගම සහ රජය අතර පවතින ගිවිසුම් අත්හිටුවා එහි මෙහෙයුම් කටයුතු නාවික හමුදාවට පවරා ගැනීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories