අතුරුදන්වූවන් ගැන සොයන ජගත් කමිටුවට චෝදනාවක්

Saturday, 14 November 2015 - 19:19

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දිවයිනට පැමිණ සිටින බලහත්කාරයෙන් අතුරුදන් කිරීම පිළිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරි කණ්ඩායමේ විනිවිදභාවය පිළිබඳව ගැටලූ පවතින බව මියගිය සහ අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව පවසනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම ජගත් සංවිධාන නියෝජිතයන් තෝරා ගත් පිරිසක් පමණක් හමුවෙමින් ඒකාපාර්ශවික පරීක්ෂණයක් පවත්වන බවට සැක මතු වන බවයි. එම නිසා අතුරුදන් වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් වැසියන් 6000 කගේ පමණ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවක් මියගිය සහ අතුරුදන්වූවන්ගේ දෙමාපිය එකමුතුව අද (14) ජගත් සංවිධාන නියෝජිතයන්ට භාරදී තිබෙනවා.

පසුගිය සතියේ දිවයිනට පැමිණි මෙම ජගත් සංවිධාන නියෝජිත කණ්ඩායම යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතලේ සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ගොස් තම පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ජගත් සංවිධානය මීට පෙර ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අතුරුදන්වූ බවට වාර්තා වුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් වූ ලලිත් සහ කූගන්ගේ ඥාතීන් ද කැඳවා ඔවුන් ප්‍රකාශ ලබාගෙන තිබුණා.

මේ අතර, ලලිත් - කූගන් සම්බන්ධ නඩුව ඊයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනු අතර එහිදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද වරෙන්තු නිකුත් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඔහු කැබිනට් ප්‍රකාශකවරයාව සිටි සමයේ දැක්වූ අදහස් සම්බන්ධයෙන් විමසීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම්දී තිබුණා. එහෙත් එහි නොපැමිණීම නිසා මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇති අතර නඩුව යළි ලබන වසරේ පෙබරවාරි 3 වනදා විභාගයට ගැනීමට නියමිතයි. එදිනට හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories