සංගීත සංදර්ශනයක පිහි ඇනුමක් - පුද්ගලයෙකු මරුට

Sunday, 15 November 2015 - 12:57

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අවිස්සාවේල්ල - සීතාවක ජනාධිපති විද්‍යාල ක්‍රීඩාංගනයේ ඊයේ (14) රාත්‍රීයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ පිහිඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද අලූයම 12.45 ට පමණ සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු මෙම පිහිඇනුම සිදුකර පලාගොස් ඇති බවයි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සංගීත ප්‍රසංගය අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි. පිහි ඇනුමට ලක්වූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර ඔහු අවිස්සාවේල්ල - හොනිටන් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories