පාස්සනකොට වෙළඳසැල ගිනිගයි - අයෙක් මරුට (ඡායාරූප)

Sunday, 15 November 2015 - 17:43

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD+++%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B7%92+-++%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව - කඳුරුවෙල  නගරයේ වෙළඳසැලක අද (15) දහවල් ඇති වූ ගින්නකින් එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෙළදසැලෙහි කාර්මික වැඩ කටයුත්තකක් සඳහා පැමිණි පුද්ගලයෙකු අදාළ කාර්යය සිදුකරන අවස්ථාවේදී හදිසියේ ඇති වූ විදුලි කාන්දුවකින් ගින්න හටගෙන ඇති බවයි.

ගින්නට හසුවූ පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතව පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ කදුරුවෙල මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචිව සිටි  42 හැවිරිදි අයෙක්.

තමන්කඩුව ප්‍රාදේශීය සභාව සහ පොලීසිය මැදිහත්වී ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

























(ඡායාරූප - රොෂාන් තුෂාර)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories