Update: ආයතන 6ක රාජ්‍ය නිලධාරීන් 13කට වහා ඉවත් වන්නැයි නියෝග

Sunday, 15 November 2015 - 18:52

Update%3A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+6%E0%B6%9A++%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+13%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92++%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
රාජ්‍ය ආයතන 6කට අයත් නිලධාරීන් 13 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස බරපතල වංචා හා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම නියෝග කර තිබෙනවා. එහි ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ එම ආයතනවල වංචා හා දූෂණ හෙළි කර ගැනීමට ඔවුන් බාධා වී ඇති බැවින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

අධිකරණ අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
පොල් පර්යේෂණ ආයතනය
ලංකා ධීවර - වරාය නීතිගත සංස්ථාව
සමූපකාර තොග වෙළද සංස්ථාව සහ
ස්වාධීන රූපවාහිනී සේවය
යන ආයතනවල ඉහළ නිලධාරීන් 13 දෙනෙකුටයි මෙලෙස නියෝගය නිකුත් කර ඇත්තේ.


අධිකරණ අමාත්‍යංශ  අතිරේක ලේකම්වරියක් ,
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටත්  මහියංගනය ප්‍රාදේශිය ලේකම්,
පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යකවරයෙක්,
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි,
සමුපාකාර තොග වෙළද සංස්ථාවේ නිලධාරීන් හය දෙනෙක්,
ස්වාධින රූපවාහිනියේ තිදෙනෙක්

එසේ ඉවත් කළ යුතු බව ට කොමිසම දක්වා ඇත්තේ එම ආයතනයන්හි වංචා හා දූෂණ හෙළි කර ගැනීමට ඔවුන් බාධා විය හැකි බව නිගමනය කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories