පොලිස් ඇදුමෙන් මහපාරේ බිව්ව දෙකක් ගෙදර යවයි

Monday, 16 November 2015 - 8:27

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B6%BA%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සිය රාජකාරී කාලසීමාව තුළ මත්පැන් පානය කළ කෑගල්ල පොලීසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙසේ වැඩ තහනමට ලක්වී ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක්.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මොලගොඩ සහ කරඩුපන අතර ඉන්ධන පිරවුම්හලක් අසළ මොවුන් පසුගිය 14 වන දා සවස් කාලයේ රථවාහන රාජකාරියේ නිරත වී තිබෙනවා. එම අවස්ථාවේදී ඒ ආසන්නයේ ආපන ශාලාවක් තුළ දී මොවුන් මත්පැන් පානය කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා මීට පෙර ද අවස්ථා කිහිපයකදී රාජකාරී වේලාව තුළ මත්පැන් පානය කර ඇති බවට කෑගල්ල පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව පෙරේදා සිදුකළ වැටලීමකදී මෙම නිලධාරීන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. පසුව මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා කෑගල්ල රෝහලට යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට සූදානමින් සිටියදි පොලිස් ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories