සේයා සදෙව්මි ඝාතනයේ සැක සමන් ජයලත් යළි රිමාන්ඩ්

Monday, 16 November 2015 - 10:20

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොණ්ඩයා නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන සමන් ජයලත් දෙසැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරු මීගමුව බන්ධනාගාරයේ සිට විශේෂිත ආරක්ෂිත රැකවල් මධ්‍යයේ අධිකරණ භූමියට අද රැගෙනවිත් තිබූ බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.  සැකකරුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා. ඊට අවසර දෙමින් විනිසුරුවරයා මීගමුව බණ්ධනාගාර අධිකාරිවරයාට නියම කළේ සැකකාර සමන් ජයලත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

කොටදෙණියාවේ අවුරුදු 5 ක් වයසැති සේයා සදෙව්මි දැරියගේ අතුරුදන්වීම පසුගිය සැප්තැම්බර් මස 11 වනදා වාර්තාවූ අතර  ඉන් දින දෙකකට පසු අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබූ ඇගේ මළ සිරුර නිවස ආසන්නයේ වෙල් යායක තිබී හමුවුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු, එක්දරු පියෙකු සහ දැනට රිමාන්ඞ් කර සිටින සමන් ජයලත්ගේ සහෝදරයා වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැත්තා පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත්තා. පසුව ඔවුන් නිදහස් කෙරුණේ ඝාතනයට ලක්වූ දැරියගේ ශරීරයේ තිබී සොයාගන්නා ලද ආගන්තුක ජෛව සාම්පල අදාළ පුද්ගලයින්ගෙන් ලබාගත් ජෛව සාම්පල සමඟ නොගැලපීම හේතුවෙන්.

සමන් ජයලත් නැමැත්තා සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් මස 3 වනදායි. පසුව සිදුකළ ඞී.එන්.ඒ. පරීක්ෂණයකින්  සනාථ වූයේ   ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයාගන්නා ලද ආගන්තුක ජෛව සාම්පල රක්ෂිත බන්ධනාගාරයේ පසුවන  සමන් ජයලත්ගේ ජෛව සාම්පල සමඟ ගැළපෙන බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories