'ගෝඨාගේ ප්‍රකාශයට නිතීය නිහඩද?'

Monday, 16 November 2015 - 13:35

%27%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9%E0%B6%AF%3F%27
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඒ, තම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති ප්‍රකාශය පිළිබඳව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා තම පක්ෂයට අසාධාරණයක් සිදුවූ බව පවසමින්.  

පසුගියදා මෙම සිද්ධිය පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් රැඳී සිටි නිවස ආසන්නයේ පදිංචි පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ බවයි. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ පසු කුමාර් ගුණරත්නම් සහ එම කණ්ඩායමේ සිටි දිමුතු ආටිගල මෙලෙස පැහැරගැනීමට ලක්වූයේ 2012 වසරේ අප්‍රේල් 7 වන දා රාත්‍රියේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක රැදී සිටියදියි.

දිනකට පසු ඔවුන්ව කිසියම් පිරිසක් කොළඹ අපරාධ කොට්ඨාශය ආසන්නයට ගෙනවිත් දමා තිබුණා. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යළි පරික්ෂණයක් සිදුකරන ලෙස පෙරටුගාමී පක්ෂය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories