ජගත් සංවිධාන මහලේකම්වරයා උතුරු කොරියාවට

Monday, 16 November 2015 - 15:14

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මේ සතියේ උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව දකුණු කොරියාව ප්‍රකාශ කළා. කෙසේ නමුත්, ජගත් සංවිධානය ඒ පිළිබදව මෙතෙක් නිළ ප්‍රකාශයක් නිකුත් කර නැහැ. එය සිදුවුවහොත් දශක දෙකකට පසු ජගත් සංවිධාන මහලේකම්වරයෙකු උතුරු කොරියාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව වනු ඇති. එමෙන්ම මහලේකම් බෑන් කී මූන් දකුණු කොරියාවේ හිටපු විදේශ අමාත්‍යවරයා වීම ද විශේෂත්වයක්. න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම ජගත් සංවිධානය ද උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories