හමුදාවට තවත් රාජකාරියක්

Monday, 16 November 2015 - 16:04

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දැන් පවතින අධික වර්ෂාව සහ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් කිලිනොච්චිය, මුලතිව් සහ වන්නි දිස්ත්‍රික්කවල පීඩාවට ලක්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව සිටිනවා.

ඒ සඳහා ආරක්ෂක හමුදා සාමාජිකයන් 700ක් පමණ යොදවා ඇති බව සඳහන්. ජල ගැල්මෙන් විපතට පත් ජනතාවට පිසූ ආහාර සහ වෛද්‍යාධාර ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් සැලසීම මෙන්ම ආරක්ෂිත ප්‍රදේශ කරා ඉවත් කර ගැනීම සඳහා හමුදාව කටයුතු කරමින් සිටිනවා.

පල්ලියාරු, වන්නිකුලම් ඇතුළු ප්‍රදේශවල පීඩාවට පත් 5000කට අධික පිරිසට සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 4200කට අධික පිරිසකට මේ වන විට එලෙස ආරක්ෂක හමුදා මගින් සහන සලසා ඇති බවයි රජය ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories