CSN නාලිකාව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පරීක්ෂාවට

Monday, 16 November 2015 - 19:07

CSN+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
පසුගිය රජය සමයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරඟ ඇතුළු තරගාවලි රැසක ක්‍රීඩා විකාශන අයිතිය ලබාගෙන සිටි සී.එස්.එන්. නාලිකාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද පරීක්ෂාවට ලක්කළා. ඒ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් අවසරයකට අනුවයි. බත්තරමුල්ලේ පිහිටි එම නාලිකා ගොඩනැගිල්ල අද උදෑසන සිට සවස් වන තුරු මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ. විශේෂයෙන් සී.එස්.එන්. නාලිකාව ක්‍රීඩා විකාශන අයිතීන් ලබා ගත් ආකාරය මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂා කර තිබෙනවා. ඊට අදාළ ලිපිලේඛන සහ පරිගණක දත්ත මූල්‍ය අපරාධ කොට්ඨාශය භාරයට ගැනුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories