ගම්මු අභිමුව වන අලි දෙන්නම නින්දේ (ඡායාරූප)

Monday, 16 November 2015 - 23:46

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B7%80++%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8++%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පුත්තලම කල්අඩිය සිංහපුර ප්‍රදේශයේ ඉඩමක් වටා ඇද තිබු අධිබලැති විදුලි රුහැනක ගැටිමේන්  වන අලින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව පුත්තලම වනජිවී කාර්යාලය පවසයි.

අලින් දෙදෙනා ඊයේ (15) රාත්‍රියේ ඉඩමට ඇතුල්වි භෝග වගාවන් වනසා ආපසු ඉඩමේන් පිටතට යන අවස්ථාවේදි විදුලිය  සැර වැදි ඇති බව සඳහන්.
වයස අවුරුදු  35 ත් 45 අතර   අලින් දෙදෙනා ඉඩමේ ස්ථාන දෙකකදි  මරණයට පත්ව ඇත.

සිංහපුර ගම්මානය  අවස්ථා රැසකදි වන  අලි තර්ජනට ලක්ව ඇත

අලින් දෙදෙනා මරණයට පත්ව තිබු ඉඩමේ හිමිකරු අලි ප්‍රහාරයකින් වසරකට ආසන්න කාලයක් ඔත්පලව සිට ඇති බවත්  පැවසෙයි.
අලින් දෙදෙනා අනතුරට පත්වන අවස්ථාව වන විට, ඉඩම් හිමියා  බිදුණු පාදයට ප්‍රථිකාර ලබා ගැනිමට නිවසෙන් පිටව ගොස් ඇති බව කියයි.
 
කෙසේ නමුත් අලි දෙදෙනාගේ මරණයට  ඉඩම්  හිමිකරු සැකකරුවෙකු බව වනජිවී කාර්යාලය පවසයි.































    (ඡායාරූප - පුත්තලම  හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories