ETF සහ EPF එකතු කිරීමෙන් හානියක් නැහැ

Tuesday, 17 November 2015 - 8:31

ETF+%E0%B7%83%E0%B7%84+EPF+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධව කිසිදු ආකාරයක අනියත බියක් ඇති නොකර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකතු කර පෞද්ගලික අංශයේ සේවකයින්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ දැනුවත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය සකස් කිරීම වඩාත් විනිවිදභාවයකින් සිදුකෙරෙන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. එමෙන්ම ඒ සඳහා වෘත්තීය සමිතිවල නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

එම සාකච්ඡාවට සහභාගි වූ වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ නව විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කළ යුත්තේ සේවක අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදලට කිසිදු හානියක් සිදුනොවන ආකාරයට බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories