අතිපූජ්‍ය සෝභිත හිමියන්ට බැක්ටීරියා ශරීර ගතවී ඇත්තේ රෝහලකදී

Tuesday, 17 November 2015 - 9:35

%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F++%E0%B7%81%E0%B6%BB%E0%B7%93%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A++%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%AF%E0%B7%93
අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර, උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරන වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් අප වෙත ලැබී තිබෙනවා.

මෙම වෛද්‍ය පරීක්ෂණ වාර්තාවෙන් පැහැදිලි වන්නේ සාමාන්‍යයෙන් රෝහලක් තුළදී රෝගියෙකුට ශරීරගත විය හැකි වර්ගයේ බැක්ටීරියා විශේෂ දෙකක් උන්වහන්සේට ශරීර ගත වී ඇති බවයි. ඒ අනුව සුඩොමොනස් ඒරුගිඔන්සා සහ ඇසිනෙටොබැක්ටර් නමැති වෛරසය ශරීරගත වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. 
    
පසුගිය දා පුවත්පත් වාර්තා මගින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ද සෝභිත හිමියන් පිළිබඳව වෛද්‍ය ප්‍රජාව මීට වඩා සැලකිලිමත් විය යුතු බව සදහන් කර සිටියා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ උන්වහන්සේගේ අපවත්වීමට අදාළව රජය නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.    





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories