පිරිමි අරගෙන කාන්තාවක් කළ වැඩේ

Tuesday, 17 November 2015 - 10:00

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A
කොළඹ ප්‍රදේශ කිහිපයකදී පොලීසිය විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තුන් දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය - වෝක්ෂෝල් වීදියේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100ක් ළග තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර දෙමටගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 100ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු දෙමටගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් බව සදහන්.

මීට අමතරව රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 50ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories