අමාත්‍යාංශයට රිංගූ ඇමති පුතෙකුට ඩිජිටල් ඇමතිගෙන් චෝදනා

Tuesday, 17 November 2015 - 18:55

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%96+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%A9%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් තමන් වෙත පවරාගැනීමට ඇතැම් පාර්ශව සූක්ෂම මෙහෙයුමක නිරත වන බව ඇවන්ගාඩ් සුරැකීමේ සංවිධානය ප්‍රකාශ කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට  එක්වෙමින් එහි කැඳවුම්කරු කමල් ගමගේ කියා සිටියේ මේ වනවිටත් ඇතැම් පාර්ශව මෙම ගණුදෙනුව ඔවුන්ට ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. එසේම විශාල සේවකයන් පිරිසකට රැකියා ලබාදෙමින් ඉහළ වැටුප් ගෙවීමටද සමාගම කටයුතු කළ බව මාධ්‍ය හමුවට එක්වූ පිරිස කියා සිටියා.

කෙසේ වෙතත් ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමඟ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු තම අමාත්‍යාංශයට පැමිණ තොරතුරු සොයා ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු චෝදනා කළා. එම අමාත්‍යාංශයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එවකට ඇවන්ට්ගාඩ් ගිවිසුමට අත්සන් තැබූ පුද්ගලයින් වර්තමානයේ යළි ඇවන්ට්ගාඞ් සිද්ධිය පිළිබඳව විමසන බවයි. ජනාධීපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තීරණ ගනිද්දී ඊට ඉහළින් ගොස් විසිල් බල්ටි දේශපාලනය ක්‍රියාත්මක කරන ඇමතිවරුන් පිළිබඳව ද එහිදී ඔහු චෝදනා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories