කොණ්ඩයා නැවතත් පොලීසිය මගහරී

Tuesday, 17 November 2015 - 19:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C%E0%B7%84%E0%B6%BB%E0%B7%93
කොටදෙණියාවේ සේයා සදෙව්මි ඝාතනයේ සැකකරුවෙකු වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට එරෙහිව ගම්පහ පොලීසියට යළි පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ, ගම්පහ - බෙම්මුල්ල - බදුවතුගොඩ පදිංචිකරුවෙකු විසින්.

එම පැමිණිල්ලට අනුව පසුගිය 12 වනදා රාත්‍රියේ බදුවතුගොඩ ප්‍රදේශයේ නිවාස කිහිපයකට පැමිණි කිසියම් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන්ට තර්ජනය කර තිබෙනවා. ඒ කොණ්ඩයාට එරෙහිව මාධ්‍යවලට අදහස් දැක්වීම සහ ඔහුට එරෙහි විරෝධතාවලට සම්බන්ධ  වූ නිසා ප්‍රවේශමෙන් ජීවත්වන ලෙස පවසමින්. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ බදුවතුගොඩ ප්‍රදේශවාසියෙකු සඳහන් කළේ මුහුණ ආවරණය කරගෙන කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු මෙලෙස තර්ජනය කළ බවයි.

ඒ අනුව 13 වනදා උදෑසන ඒ පිළිබඳව ගම්පහ පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට කොණ්ඩයා සම්බන්ධ බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාට පෙරේදා දිනයේ ගම්පහ පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණා. එහෙත් ඔහු එදින පොලීසියට පැමිණ නොතිබූ අතර, නැවතත් ඔහුට අද දිනයේදී පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. එහෙත් තවමත් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා පොලීසියට නොපැමිණි බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories