විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය

Wednesday, 18 November 2015 - 7:38

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර එම ධුරයට හිමි බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිසන් සභාවලට පැවරීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඊයේ පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වුණා. එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර මීට අනුමැතිය හිමිවූ බවයි නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති  ශාන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර ඊයේ රැස්වූ මධ්‍යම කාරක සභාව, මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී වෙනත් පක්ෂවලින් මැතිවරණයට ඉදිරිපත්වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය තමන් වෙත පැවරූ බවයි එහි මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories