බදු ආදායම වැඩි කරගන්න නව තොරතුරු පද්ධතියක් එන ලකුණු

Wednesday, 18 November 2015 - 8:11

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
බදු ආදායම වැඩි කරගැනීම සඳහා සිංගප්පූරු රජයේ සහයෙන් නව තොරතුරු පද්ධතියක් අයවැයෙන් පසු හඳුන්වා දෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය කොමසාරිස් ආර්. ජයසේකර සඳහන් කළේ මෙම නව පද්ධතිය රාජ්‍ය ආයතන 26 ක් සමඟ සම්බන්ධ වන බවයි.

රාජ්‍ය මූල්‍ය පද්ධතිය තුළ බදු අංශයට ප්‍රමුඛතාවක් හිමිවන්නේ එය රාජ්‍ය ආදායමෙන් සියයට 87 ක කොටසකට හිමිකම් කීම හේතුවෙන්. නමුත් ක්‍රමිකව බදු ආදායම 1995 වසරේ සිට පහළ ගිය අතර, ඉන් රජයට සිදුවූයේ ණය උගුලක සිරවීමටයි. මෙම උගුලෙන් ගැලවීමට පැවති රජයන් විවිධ බදු පැනවූවත් අර්බුදය තවත් තීවෘ වුණා.

වත්මන් බදු ක්‍රමයේ පවතින ගැටළු මග හරවාගැනීම සඳහා ක්‍රමිකව පහළ යන බදු ආදායම වැඩි කිරීම 2016 අයවැය හමුවේ ඇති ප්‍රබල අභියෝගයක්. එම අභියෝග ජයගැනීම සඳහා බදු ආදායම වැඩි කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිංගප්පූරු රජයේ සහයෙන් නව තොරතුරු පද්ධතියක් හඳුන්වා දෙන බවයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සේන ලියනගේ සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories