ත්‍රිරෝද රියේ ගිය 13 ම කණ්ඩලම වැවේ

Wednesday, 18 November 2015 - 10:23

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+13+%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A
කණ්ඩලම වැවට පෙරලූණු ත්‍රිරෝද රථයක සිටි පාසල් ළමයින් 8 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට එම ස්ථානයේ සිටි තරුණයින් පිිරිසක් කටයුතු කර තිබෙනවා. මාස 6 ක පමණ කුඩා දරුවෙකු ද ඒ අතර සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කාර්මික දෝෂයකට ලක්වූ බස් රථයක ගමන් කරමින් සිටි මෙම පිරිස ත්‍රිරෝද රථයෙන් දඹුල්ල දෙසට පැමිණෙමින් සිටියදී කන්ඩලම වැවේ, සොරොව්ව අසලින් එය පෙරලී ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම ස්ථානයේ සිටි තරුණයින් පිරිසක් වහාම ක්‍රියාත්මක වී වතුරේ පාවෙමින් සහ ගිලෙමින් සිටි පිරිස මුදාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 











ඡායාරූප - කාංචන කුමාර ආරියදාස


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories