ප්‍රශ්ණ පත්‍ර සකසන්නේ මිනිසුන්ද? රොබෝලාද?

Wednesday, 18 November 2015 - 13:00

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%3F+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%3F
විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍ර වැරදියට සකසන රටක පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතින් එවැනි වැරදි සිදුවීම සාමාන්‍ය තත්ත්වයක් බව උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ ප්‍රශ්න පත්‍ර සකසන්නේ මිනිසුන් මිස රොබෝවරුන් නොවන බවයි.

උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ මෙම ප්‍රකාශයට හේතුවුණේ මෙවර උතුරුමැද පාසල් වාර විභාග සදහා ලබාදුන් ප්‍රශ්න පත්‍ර කිහිපයක දෝෂ සම්බන්ධයෙන් අප කළ කරුණු විමසීමයි. ඊයේ දිනයේදී වාර විභාගය සඳහා ලබාදී තිබෙන ප්‍රශ්න පත්‍ර කිහිපයක අක්ෂර සහ මුද්‍රණ දෝෂ පවතින බව ලංකා ගුරු සංගමය අනාවරණ කළා. 10 සහ 11 ශ්‍රේණිය සඳහා ලබාදී තිබෙන විද්‍යා සහ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවන කොටස්වල ද මෙම දෝෂ පවතින බවයි ඔවුන් හෙලි කළේ.

මීට අමතරව, ගිණුම්කරණය තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා ලබාදී තිබෙන ප්‍රශ්න පත්‍රවල ද වැරදි රැසක් දක්නට ලැබෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් සඳහන් කළා. මීට පෙර වසරවලදී ද උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිද්ධීන් මෙන්ම දෝෂ සහිත ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වුණා.

වැරදි කරන නිලධාරින්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි තත්ත්වයන් මතුවන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories