කරාපිටියේ ළමා මරණ ඇයි ?

Wednesday, 18 November 2015 - 13:08

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්කුහර ඒකකය තුළදී හෘද සැත්කම් සිදුකිරීමෙන් අනතුරුව ළමයින් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් පාලනාධිකාරියට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව මේ වනවිටත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා කියා සිටියේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස්කුහර ඒකකයේ හෘද සැත්කම්වලට භාජනය කළ ළමයින් 20 දෙනෙකුගෙන් සිව් දෙනෙකු පමණ පසුගිය දින කිහිපය තුළ මියගොස් තිබුණා. ඉන් තුන්දෙනෙකුම සැත්කම්වලින් පසු විෂබීජ ආසාදනය වී මියගිය බවට සැක මතුවී තිබෙනවා.

ඒ අනුවයි අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් රෝහල් පාලනාධිකාරිය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ. විශේෂඥ ක්ෂුද්‍ර ජීවි වෛද්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම පරීක්ෂණය සිදුකෙරෙනවා.

මේ අතර, වෘත්තීය සමිති පවසන්නේ කරාපිටිය රෝහලේ දරුවන් කිහිපදෙනෙකු හෘද සැත්කම්වලින් පසු මෙලෙස මියයාමේ සිද්ධීන් පිළිබඳව කඩිනමින් රෝහල් බලධාරින් නිගමනයක් ඉදිරිපත් කළ යුතු බවයි.

වාර්තාව කඩිනමින් ඉදිරිපත් කිරීම තුළින් තවදුරටත් ගැටලූ ඇතිවීම වළක්වා ගත හැකි බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories