භාණ්ඩ 6කට උපරිම මිල සීමා දානකොට - ආප්ප, තේ සහ කිරි තේ ඉහළට

Thursday, 19 November 2015 - 8:00

%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+6%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+-+%E0%B6%86%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%2C+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් භාණ්ඩ 6 ක් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව

පරිප්පු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 190ක්
අර්තාපල් කිලෝග්‍රෑමයක් රුපියල් 145ක්
ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 155ක්
සම රහිත කුකුල් මස් කිලෝග්‍රෑමයක් 480ක්  
පැකට් කළ තිරිගු පිටි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 95ක්.
වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 355ක්  

මෙම උපරිම සිල්ලර මිල හෙට දිනයේ සිට ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේ.  

 මේ අතර ලබන 26 වනදා සිට ආප්ප, තේ, කිරි තේ ඇතුළු ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ කළු කඩ මාෆියාවට විරෝධය පළ කරමින් සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල පවතින ඉහළ මිල ගණන් හේතුවෙන් මෙලෙස එම ආහාරපානවල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ආප්ප, තේ සහ කිරි තේ මිල රුපියල් 5කින් ඉහළ දැමීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories