IS තර්ජනයෙන් අමෙරිකාව හෙල්ලෙයි

Thursday, 19 November 2015 - 9:36

IS+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ නිව්යෝක් නගරය ඇතුලූ සිරියාවට ප්‍රහාර එල්ල කරන සියලූම රටවල්වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන බව අයි.එස්. ත්‍රස්ත සංවිධානය අනතුරු අඟවනවා.
අන්තර්ජාලයට නවතම වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ තමන්ගේ මීළඟ ඉලක්කය ඇමරිකාවේ නිව්යෝක් නගරය බවයි.



මේ අතර ඊයේ පැරීසියේ සිදුකළ පොලිස් මෙහෙයුම් අතරතුරදී බෝම්බයක් පුපුරුවා සියදිවි නසාගත් කාන්තාව ත්‍රස්ත ප්‍රහාරය සැළසුම් කළ ප්‍රධාන සැකකරුගේ ඥාති සහෝදරියක වන බව  නවතම විදෙස් වාර්තා පවසනවා.  

පැරිස් අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සෙවීම සඳහා  එරට පොලීසිය ඊයේ සිදුකළ මෙහෙයුමේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පැරිස් නගරයේ උතුර ප්‍රදේශයේ මෙම මෙහෙයුම දියත් කළේ පසුගියදා එල්ලවූ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන බෙල්ජියම් ජාතිකයා කොටු කරගැනීම සඳහායි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories