අතුරුදන් කරවූවන් සොයන්න එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් ඇවිත්

Thursday, 19 November 2015 - 9:57

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
බලහත්කාරයෙන් අතුරුදන් කරවූ පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජයට මනා අවස්ථාවක් උදාවී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ සොයාබැලීමේ එක්සත් ජාතින්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් පිරිසක් දින 10 ක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ කරුණු සොයා බැලූවා.

ඔවුන් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවක් පිළිබඳවද බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ සොයාබැලීමේ එක්සත් ජාතින්ගේ ක්‍රියාකාරී කමිටුවේ සාමාජික ඒරියල් ඩුලිට්ස්කි අදහස් පළ කළා.  

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයන්ගේ අවසන් වාර්තාව ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කෙරෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories