'සොක්කා' කළ වරදට තමන්ටම දඩ කොළයක් ලියා ආදර්ශයක් දෙන පොලිස් ලොක්කා

Thursday, 19 November 2015 - 10:32

%27%E0%B7%83%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%27+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%A7++%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%AF%E0%B6%A9+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F
David Clarke, ඇමෙරිකාවේ උතුරු-මැද ප්‍රදේශයේ පිහිටි Wisconsin පාලනයේ Milwaukee හි ඉහළ  පොලිස් නිලධාරියෙක්. මේ දිනවල වැඩි කතා බහට ලක් වූ පුද්ගලයෙක්. ඒ නීතිය  අකුරටම ක්‍රියාත්මක කළ බැවින්. විශේෂත්වය තමන් තමන්ටම එරෙහිවීමෙන්. තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන්.

පසුගිය සතියේ දිනෙක Milwaukee හි  ඇමෙරිකානු යුධ සෙබළුන් සමරමින්  උත්සවයක් සංවිධාන කර තිබුනා. David Clarke එහි ආරාධිතයෙක්.   David Clarke උත්සවයට ගියේ  නිල වාහනයකින්.

වාහනයෙන් බැසගත්  ඔහු තම පහළ නිලධාරියාට උපදෙස් දුන්නේ  වෙනත් ස්ථානයක වාහනය ගාල් කර තබා ගන්න ලෙසයි. පහළ නිලධාරියා උපදෙස නිසි පරිදි ක්‍රියාත්මක කර තිබුනේ නැහැ. වාහනය ගාල් කර ඇත්තේ ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්කර ඇති  ස්ථානයක.  Clarke මෙය දැක ඇත්තේ පසුවයි.

ඒ අනුව වරදක් සිදුව ඇති බව තීරණය කළ  David Clarke තමන්ගේ නමටම දඩ කොළයක් ලියාගෙන ඇත. එම වරදට දඩය අමෙරිකානු ඩොලර් 35කි. ඊට  අමතරව ආබාධිත පුද්ගලයින් වෙනුවෙන්  සේවා සපයන  සංවිධානයකට ඩොලර් 200ක මුදලක් ද පිරිනමා තිබේ.

අපේ රටේ පොලිසියේ ඇතැම් උදවිය මහජනයා සූරාකන අවධියක, වැරදි නැතත් 'අත යටින් සම්තින්' බලාපොරොත්තුවෙන්  කරන දේවල් දැක්කම  David Clarke කාටත් ආදර්ශයකි.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories