සෝමවංශට මහින්ද ගැන පැහැදීමක්

Thursday, 19 November 2015 - 13:32

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ආ යුතු බව  ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම වර්තමානයේ ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බෙදුම්වාදය දේශපාලන වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා සමඟ එකතු වී වැඩ කිරීමට තමන් සූදානම් බවයි.

රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට තමන්ට ඉලක්කයක් තිබෙන බවද ඔහු කියා සිටියා. ඒ අනුව ඉදිරියේදී තමන් සමඟ එකතුවන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයට පවා ආරාධනා කරන බවයි සෝමවංශ අමරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories