මහනුවර නගරාධිපති ඉල්ලා අස්වෙයි

Thursday, 19 November 2015 - 16:47

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහනුවර මහ නගර සභාවේ නගරාධිපති මහේන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය මහ නගර සභාවේ කොමසාරිස්වරයා වෙත භාරදුන් අතර, එහි පිටපතක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක වෙතද යොමුකළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු කියා සිටියේ.

දෙසැම්බර් 01 වනදා පැවැත්වෙන මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තරඟයට ඉදිරිපත්වීම සඳහා තමන් නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ මොහාන් පානබොක්කගේ අභාවයෙන් පසු එම තනතුර පුරප්පාඩුව පවතිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories