සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන වෛද්‍ය සභාවට ලිපියක්

Thursday, 19 November 2015 - 20:53

%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අද (19) ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිපියක් භාරදෙනු ලැබුවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු උන්වහන්සේ ප්‍රකාශ කළේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී සෝභිත හිමියන් රැකබලාගත් ආකාරය සම්බන්ධයෙන් ගැටලූ රැසක් පවතින බවයි.

 නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී සෝභිත හිමියන්ගේ විවේකයට හෝ සෞඛ්‍ය තත්ත්වයට උන්වහන්සේ බැලීමට පැමිණි පුද්ගලයින්ගෙන් බාධාවක් සිදුවූයේ දැයි පසුගියදා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පැවති මාධ්‍ය හමුවේදී එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී ඔහු කියා සිටියේ විවේක සුවයෙන් පසුවීමට සෝභිත හිමියන් තම රෝහලට පැමිණි බවයි. හැකි උපරිම අයුරින් විවේකය ලැබෙන පරිදි කටයුතු කර තිබූ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, සෝභිත හිමියන් අවසර දී තිබූ අය නැවැත්වීමට හැකියාවක් නොතිබූ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න ප්‍රකාශ කළේ.

 මෙම සිද්ධිය පිළිබඳව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පුවත්පතකට කර ඇති බව කියන ප්‍රකාශයට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන බවයි මෙම මාධ්‍ය හමුවේදී නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කියා සිටියේ.

 කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි. ඒ පිළිබඳව අදහස් දැක්වු එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා සඳහන් කළේ ජනතාව අතර යම් සැකයක් ඇත්නම් එය දුරු කිරීමට කටයුතු කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories