ඇවන්ට්ගාඩ් පිස්තෝලයක් අතුරුදන්

Thursday, 19 November 2015 - 21:34

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ඇවන්ට්ගාඩ් සමාගමට අයත් මහනුවර නෞකාවේ තිබූ එක් පිස්තෝලයක් අස්ථානගත වී ඇති බව එම පිස්තෝලය අයත් මුහුදු ආරක්ෂක සමාගම ගාලූ වරාය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

 ඇවන්ට්ගාඩ් සමාගමට අයත් මහනුවර නෞකාවේ සියලූම අවි ඊයේ (18) රාත්‍රිය වනවිට නාවික හමුදා භාරයට ගෙන අවසන් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි සඳහන් කළේ. ඒ අනුව මුහුදු ආරක්ෂක සමාගම් 20කට අයත් අවි 2410 ක් මෙලෙස නාවික හමුදා භාරයට ගෙන දක්ෂිණ නාවික හමුදා කඳවුරේ අවි ගබඩාවල තැන්පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, භාර ගැනීමේ ක්‍රියාවලියේදී එක් පිස්තෝලයක් අතුරුදන්ව ඇති බවටයි මුහුදු ආරක්ෂක සමාගමක් පොලිසියට පැමිණිලි කර ඇත්තේ. නාවික හමුදාව භාරගෙන ඇති අවිවලට අමතරව නෞකාවේ වෙනත් අවි නොමැති බව තහවුරු කරදෙන ලෙස දකුණ නාවික ප්‍රදේශය භාර ආඥාපතිවරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම, රක්නා ලංකා සමාගමේ සිදුව ඇති අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව සාක්ෂි විමසීම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති බරපතල වංචා දූෂණ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට හෙට (20) කැඳවා තිබෙනවා. කෙසේ වෙතත්, නිශ්ශංක සේනාධිපති ජනාධිපති කොමිසමට දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය හේතූන් මත විදෙස්ගතව සිටීම හේතුවෙන් තමන්ට හෙට දිනයේ කොමිසමට පැමිණිය නොහැකි බවයි. ඒ අනුව ඔහුට වෙනත් දිනයක් ලබාදීමට කටයුතු කරන බව කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories